ටයිටැනික් රාත්‍රී ආහාර මෙනුව වෙන්දේසියට.

ටයිටැනික් නෞකාවේ විපතට පෙර එහි පළමු පන්තියේ මගීන්ට ලබා දුන් රාත්‍රී භෝජන ලැයිස්තුව වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

වෙන්දේසිකරු ඇන්ඩෲ ඕල්ඩ්‍රිජ් පවසන්නේ නෞකාවේ ගමන් කළ කැනේඩියානු ඉතිහාසඥ ලෙන් ස්ටීවන්සන් සතුව ටයිටැනික් නෞකාවේ පළමු පන්තියේ මගීන්ට ලබා දුන් ආහාර ලැයිස්තුවක් තිබූ බවයි.

මෙම ආහාර ලැයිතුව පිළිබඳව ඔහුගේ පවුලේ අය ඇතුළු කිසිවෙකුත් නොදන්නා බව වාර්තා වේ

2017 වසරේ ඔහුගේ මරණයෙන් පසු ඔහුගේ බඩු බාහිරාදිය බලා ගෙන තිබෙන්නේ ඔහුගේ දියණිය සහ ලේලිය වන අතර, ඉන් පසුව ඔවුන් ටයිටැනික් නෞකාවේ සේවය කළ ආහාර ලැයිස්තුව සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

එය පවුම් 70,000 ක් හෝ ඩොලර් 86,000 ක් දක්වා අලෙවි කිරීමට අපේක්ෂා කරයි.

ලෝක ප්‍රසිද්ධ ටයිටැනික් නෞකාව 1912 අප්‍රේල් 15 වැනි දින අත්ලාන්තික් සාගරයේදී අයිස් කුට්ටියක ගැටීමෙන් ගිලී ගියේය.

අනතුරින් මගීන් 1500කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර අනතුර සම්බන්ධයෙන් විවිධ පරීක්ෂණ තවමත් සිදුවෙමින් පවතී.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *