ටික්ටෝක් තහනම් කරයි.

ටික්ටෝක් සමාජ මාධ්‍ය, සමාජ ඒකාග්‍රතාවයට බලපෑම් ඇතිකරන බව පවසමින් එය තහනම් කිරීමට නේපාලය තීරණය කර තිබේ.  

චීන සමාගමක් ටික්ටෝක් සමාජ මාධ්‍යයේ හිමිකාරීත්වය දරයි.

සමාජ මාධ්‍ය සමාගම් තම රට තුළ ක්‍රියාත්මක වන්නේ නම් එහි කාර්යාලයක් තම රට තුළ විවෘත කළ යුතු බවට නව රීතියක් නේපාලය පසුගියදා ක්‍රියාත්මක කළේය.

ටික්ටෝක් සමාජ මාධ්‍ය ජාලය බිලියනයක් පමණ පිරිසක් මාසයකට පරිහරණය කරයි.

මේ වනවිට ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක ටික්ටෝක් තහනම් කර ඇත.එසේම අමෙරිකාවේ මොන්ටානා ප්‍රාන්තය මෙන්ම එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව තුළද ටික්ටෝක් තහනම් ය.

නේපාලයේ තොරතුරු තාක්ෂණ අමාත්‍ය රේඛා ශර්මා පැවසුවේ ටික්ටෝක් ඔස්සේ වෛරීය දේ සමාජගත වන බවයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *