තරග දිනන මන්තරය ශර්මා කියයි.

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් පැවැති තරග සියල්ලම ජය ගැනීමට හැකි වූයේ පසුගිය තරගවල සිදුවූ වැරදි අමතක කර අද දවසේ තරගය පිළිබදවම පමණක් සිතීමෙන් පමණක් බව ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා පවසයි.

ශර්මා පැවසුවේ එය මන්තරයක් මෙන් තම කණ්ඩායමේ ක්‍රීඩකයින් සියලුදෙනාට නිතරම පවසන බවයි.

ඊයේ (18) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශර්මා පැවසුවේ යම් හෙයකින් අවසන් මහා තරගය පරාජය ලැබුවහොත් මෙතෙක් ලැබූ ජයග්‍රහණවල කිසිදු ඵලක් නොමැති බවයි.

ක්‍රීඩකයින් පිටිය තුළට පැමිණෙන විට බාහිර ගැටළු අමතක කර තමන්ගේ වගකීම කණ්ඩායම වෙනුවෙන් උපරිමයෙන් කටයුතු කිරීම තුළින් ජයග්‍රහණ ලබාගත හැකි බව ඔහු පෙන්වා දෙයි.

කණ්ඩයාමේ සෑම පන්දු යවන්නෙකුම විරුද්ධ කණ්ඩායමේ පිතිකරුවන් වෙන් වෙන් වශයෙන් හදුනාගෙන ඔවුන්ට පන්දු යැවිය යුතු අතර, පිතිකරුවන් විරුද්ධ කණ්ඩායමේ එක් එක් පන්දු යවන්නන්ගේ පන්දුව යොමු කිරීමේ ස්ථාන පිළිබදව හොද අවබෝධයකින් පන්දුවට පහරදීම තුළින් ජයග්‍රහණ කරා ළගා විය හැකි බව ශර්මා පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමන් රෝහිත් ශර්මා ප්‍රකාශ කළේ අද (19) තරගය තම ක්‍රිකට් දිවියේ ඉතාමත් සුවිශේෂී දිනයක් වනු ඇති බවයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *