තරුණ තරුණියන් 50,000ක් ඇඟ මිරිකයි.

මෙරට තුළ “ස්පා”නමින් පවත්වාගෙන යන සම්බාහන මධ්‍යස්ථාන තුළ තරුණ තරුණියන් 50,000 ක් පමණ සේවයේ නිරතව සිටින බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය කියයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (04 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී මෙම තොරතුරු අනාවරණය කෙරිණි.

මෙම ස්පා මධ්‍යස්ථාන 6,000 ක් පමණ රටපුරා තිබෙන බවත්, එම මධ්‍යස්ථාන ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොමැති බවද ආයුර්වේද රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි පැවසීය.

මෙම ස්ථාන අදාළ ප්‍රදේශවල පළාත් පාලන ආයතනවල පමණක් ලියාපදිංචි කර ඇතැයි ද ඔහු කීවේය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *