තවත් පිරමීඩ ආයතන 09ක් මහ බැංකුව තහනම් කරයි.

තවත් පිරමීඩ ආයතන 09ක් මහ බැංකුව තහනම් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් MTFE ඇතුළු ආයතන 9ක් තහනම් කර තිබෙනවා.

මහ බැංකුව නිවේදනය කළේ පිරමීඩ යෝජනා ක්‍රමවලට සහභාගී වීම දඩුවම් ලැබිය හැකි වරදක් බවයි.

මෙම තහනම් කරන ලද ආකාරයේ පිරමීඩ යෝජනා ක්‍රමයක් ඍජුව හෝ වක්‍රව ආරම්භ කිරීම, පිරිනැමීම, ප්‍රවර්ධනය කිරීම, ප්‍රචාරණය කිරීම, කලමණාකරණය හෝ මෙහෙයවීම සිදු කරන ඕනෑම අයෙකු සිදු කරනු ලබන්නේ දඩුවම් ලැබිය හැකි වරදක් බව මහ බැංකුව පෙන්වා දෙනවා.

නම් කරන ලද පිරමීඩාකාර ව්‍යාපාර සඳහා බැංකු පනතේ 83 (ඇ) වගන්තිය ටතේ අපරාධමය නඩු කටයුතු පැවරීමට සලකා බැලීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කර ඇතැයි ද මහ බැංකුව අනාවරණ කළා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *