තහනම මැද සැප වාහන 5000ක් ගෙන්වයි.

වාහන ආනයනය තහනම් කර තිබියදී නීති විරෝධී ආකාරයෙන් වාහන ගෙන්වීමේ මහා පරිමාණ ජාවාරම් සම්බන්ධයෙන් තොරතුරු හෙළි ව තිබේ.

වාහන ආනයනකරුවන් හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු නිලධාරීන් කිහිප දෙනෙකු එක්ව මෙම ජාවාරම මෙහෙයවා ඇති බවට අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමක් විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

මේ ආකාරයෙන් වාහන 5000ක් පමණ මෙරටට නීති විරෝධීව ගෙන්වා ලියාපදිංචි කර ඇති බවත් ඉන් වාහන දෙසීයක් සම්බන්ධයෙන් තොරතුරු මේ වන විට හෙළි කරගෙන ඇති බවත් කොමිසම අධිකරණයේදී කියා සිටියේය.

සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් හය දෙනකු පිලිබද තොරතුරු අනාවරණය කරගෙන ඇති බවත් මෙම ජාවාරම කලක සිට කරගෙන ගොස් ඇති බවත් එම කොමිසම තව තව දුරටත් වාර්තා කර ඇත.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *