Thu. Apr 17th, 2025

ඉන්ධන මිල ඉහළ දැමුවද ත්‍රිරෝද රථ ගාස්තු වැඩි නොකරන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ සහ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති සුදිල් ජයරුක් කියා සිටියේ ආර්ථික අපහසුතාවලින් පෙළෙන ජනතාවට ගාස්තු ඉහළ දමා තවදුරටත් පීඩනයක් එල්ල කළ නොහැකි බවයි.

ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමුණු අතර, එහිදී ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 13 කින් වැඩි කෙරුණා.

By Aloka