තැන්පත්කරුවන් 33,000කගේ රුපියල් කෝටි 105ක් අතුරුදන්.

මහරගම විවිධ සේවා සමූපකාර සමිතියට අයත් ග්‍රාමිය බැංකු 11ක තැන්පත්කරුවන්ගේ මුදල් එහි නිලධාරීන් විසින් වංචා කර ඇතැයි ගනුදෙනුකරුවන් චෝදනා කරනවා.

මෙලෙස වංචා කර ඇත්තේ තැන්පත්කරුවන් 33,000කගේ රුපියල් කෝටි 105කට අධික මුදලක් බවයි වාර්තා වන්නේ.

මෙම තැන්පත් මුදල්වලින් රුපියල් කෝටි 25ක් පමණ ණය වශයෙන් ලබා දී ඇති අතර ඉතිරි කෝටි 80ක් පමණ වන තැන්පත් මුදල් බැංකුවල නැති බවයි පැවසෙන්නේ.

ණය වශයෙන් ගෙවා ඇති රුපියල් කෝටි 25ක මුදලින් රුපියල් කෝටි 17ක ණය කාල සීමාව ඉකුත් වී තිබෙන අතර විවිධ සේවා සමූපකාර සමිතියේ මූලස්ථාන ගොඩනැඟිල්ල ද උගස් කර රුපියල් තුන් කෝටි තිස් පන් ලක්ෂයක ණය මුදලක් ගෙන ඇති එහි නිලධාරීන්, මාදිවෙල ඇති ඉඩමක් ද උගස් කර ඇතැයි වාර්තා වෙනවා.

තවද, රුපියල් කෝටි 7ක ස්ථාවර තැන්පතුව ද ඇපයට තබා රුපියල් හත් කෝටි අනූ අට ලක්ෂයක ණයක් ද මෙම නිලධාරීන් විසින් ලබාගෙන ඇති බව ද, මෙම මුදල්වලට සිදු වුයේ කුමක්ද යන්න සොයා බලන ලෙසත් ගනුදෙනුකරුවන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *