තෙල් සංස්ථාවේ වාහනය අලුත් කරන්න ලක්ෂ 26ක් ගෙවයි.

තෙල් සංස්ථාවේ වාහනය අලුත් කරන්න ලක්ෂ 26ක් ගෙවයි.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට හිමි ජීප් රථයක් අලුත්වැඩියාව සඳහා වසර දෙකකට වැඩි කාලයක් වෙනත් ස්ථානයක තබා ගාස්තුව ලෙස රුපියල් ලක්‍ෂ 26 ක මුදලක් ගෙවා ඇතැයි එහි සේවකයෝ චෝදනා කරති.

අදාල ජීප් රථයේ එන්ජිම අලුත්වැඩියා කළේ යැයි ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරීන් පැවසුව ද එම ධාවනය කළ නොහැකි බව ද කියන සේවකයෝ එම රථය මඟ නවතින බව ද සඳහන් කරති.

එම රථයේ අලුත්වැඩියාවට ගෙවා ඇති ලක්‍ෂ 26 ට එම වර්ගයේම පාවිච්චි කළ ධාවනය කළ හැකි රථයක් මිලදී ගත හැකි බව ද සේවකයෝ සඳහන් කරති.

එම සංස්ථාව සතු තවත් වාහන තුනකට ද මේ ආකාරයටම මුදල් නාස්ති කර ඇති බව ද කියන සේවකයෝ පවසන්නේ බලධාරීන් මෙවැනි ගණුදෙනු පිළිබඳව නිසි පරීක්‍ෂණයක් කළ යුතු බවත්ය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *