තෙවැනි තරගය නොමිලේ නැරඹීමට අවස්ථාවක්.

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර හෙට (11) කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත තෙවැනි සහ අවසන් එක්දින තරගය නොමිලේ නැරඹීම සඳහා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට අවස්ථාව හිමි ව තිබේ.

ප්‍රේක්ෂකාගාරයේ සී හා ඩී කොටස්වල ඉහළ සහ පහළ ආසන (C&D Upper and Lower Stands) මෙසේ ප්‍රේක්ෂකයන්ට විවෘත කර ඇත.

ප්‍රේක්ෂකයන්ට ඇතුළු වීම සඳහා ප්‍රවේශ දොරටු පස්වරු 01ට විවෘත කිරීමට නියමිත බව වාර්තා වේ.

මේ අතර 20යි 20 තරගාවලිය නැරඹීම සඳහා www.srilankacricket.lk වෙතින් හා ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කවුළුවෙන් ප්‍රවේශ පත්‍ර මිල දී ගත හැකි බව සඳහන්ය.

ප්‍රවේශ පත්‍ර කවුළුව පෙරවරු 09 සිට පස්වරු 05 දක්වා විවෘත ව තැබෙන බව වාර්තා වේ.

20යි 20 තරගාවලිය ජනවාරි 14, 16 සහ 18 යන දිනවල කොළඹ ආර්,ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *