දකුණට හෙට ශෝක දිනයක්.

අභාවප්‍රාප්ත හිටපු මුදල් අමාත්‍ය රොනීද මැල් මහතාගේ අවසන් කටයුතු සිදුකිරීම හේතුවෙන් හෙට (01) දකුණු පළාත සඳහා ශෝක දිනයක් ප්‍රකාශයට පත්කර තිබේ.

දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව දකුණු පළාත තුළ පිහිටි සියලුම රාජ්‍ය ආයතනවල හෙට දිනයේ ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙසට ඉල්ලීමක් ද සිදුකළේය.

1977 වර්ෂයේදී දෙවිනුවර ආසනයෙන් පාර්ලිමේන්තුව සඳහා තේරී පත් වූ රොනී ද මැල් මහතා මුදල් අමාත්‍ය ධුරය හොබවමින් මෙරට වැඩිම වාර ගණනක් අයවැය වාර්තා ඉදිරිපත් කළ මුදල් ඇමති ලෙසට ඉතිහාසයට එක්විය.

ඒ මහතා මෙරටට විවෘත ආර්ථිකය හඳුන්වාදීම සඳහා පුරෝගාමීව කටයුතු කළ දකුණු පළාතෙන් බිහිවූ කීර්තිමත් දේශපාලනඥයෙකි.

දකුණු පළාතට සුවිශේෂී වටිනාකමක් එක්කරමින් රුහුණු විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමටද රොනීද මැල් මහතා පුරෝගාමීව කටයුතු කළේය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *