දකුණේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමත් තාවකාලිකව නවත්වයි.

දකුණු පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් දකුණු පළාත් ප්‍රධාන ලේකම් සුමිත් අලහකෝන් මහතා මේ බව දැනුම්දී ඇත.

ඒ අනුව වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතිය හඳුන්වා දීමේ කටයුතු සඳහා හෙට (27) සහ ඔක්තෝබර් මස 2 වන දින දකුණු පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් හා දකුණු පළාතේ සියලූම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සිදුනොකරන බව දැනුම්දී ඇත.

එමෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීම සැප්තැම්බර් මස  24 වනදා මධ්‍යම රාත්‍රී 12 සිට ඔක්තෝබර් මස 6 වනදා මධ්‍යම රාත්‍රී 12 දක්වා අත්හිටුවා ඇත.

ආදායම් බලපත්‍ර නිකුත් නොකිරීම හේතුවෙන් වාහනහිමියන්ට සිදුවන අපහසුතාවය වැළැක්වීමේ අරමුණින් හෙට සිට ඔක්තෝබර් 6 දක්වා කාලය තුළ කල්ඉකුත්වන ආදායම් බලපත්‍ර සඳහා එම කාලයට අදාළව දඩ මුදල් අය නොකිරීමට ද තීරණය කර තිබේ.

මේ අතර මධ්‍යම පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ද හෙට සිට ඔක්තෝබර් 2 වනදා දක්වා අත්හිටුවා තිබේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *