Sat. Jul 27th, 2024

හොරපෙ දුම්රිය ස්ථානය අසල දී දුම්රියෙන් ඇද වැටී මියගිය තරුණයා වෙනුවෙන් ඔහුගේ පවුල වෙත රු ලක්ෂ 5ක මුදලක් ප්‍රදානය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

“අද දෙරණ බිග් ෆෝකස්” වැඩසටහන සමග එක්වෙමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේය.

මේ අතර අද දිනයේ මේ දක්වා කාලය තුළ දුම්රිය ගමන් වාර 13ක් අවලංගු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය රියදුරන් විසින් ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනය හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.

වර්ජනය හේතුවෙන් ඊයේ (12) දිනයේ ද දුම්රිය ගමන් වාර 119ක් අවලංගු වී තිබුණි.

දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපතිවරයා විසින් ඊයේ රාත්‍රී අතිවිශේෂ ගැසට් නිවේදනයක් ද ප්‍රකාශයට පත් කරනු ලැබීය.

එමෙන්ම දුම්රිය ස්ථාන රැසක් සඳහා යුද හමුදා ආරක්ෂාවද ලබා දීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *