දුඹුරු සීනි මිලත් ඉහළට.

වැට් බද්ද 18%කින් ඉහළ යාම හේතුවෙන් ඊයේ (09 වැනිදා) වනවිට වෙළෙඳපොළේ දුඹුරු සීනි කිලෝග්‍රෑමයක මිල රුපියල් 415 දක්වා වැඩි වී ඇතැයි සීනි ව්‍යාපාරිකයෝ පැවසූහ.

දුඹුරු සීනි පැල්වත්ත හා සෙවණගල සීනි කර්මාන්තශාලා වලින් පමණක් නිෂ්පාදනය කරන අතර ඊයේ ඊයේ (09 වැනිදා) පැවැති ටෙන්ඩරයකින් පසු සීනි කිලෝග්‍රෑමයක් අලෙවි වූයේ රුපියල් 322ටය.

ඒ අනුව වැට් බද්ද සියයට දහඅට (18%) හා සමාජ ආරක්ෂණ බද්ද 2.6%ක් එකතු වීමෙන් පසු සීනි කිලෝග්‍රෑමයක මිල රුපියල් 390 ඉක්මවා ඇති බව එම ව්‍යාපාරිකයෝ පෙන්වා දුන්හ.

ඔවුන් ඊට සිය ලාභය ද එකතු කළ පසු දුඹුරු සීනි කිලෝග්‍රෑමයක් අලෙවි කෙරෙන්නේ රුපියල් 415කටය.

මේ අතර ආනයනික සුදු සීනි කිලෝග්‍රෑමයක් වෙළෙඳපොලේ අලෙවි වන්නේ රුපියල් 265 මිලකටය.

එම සීනි සඳහා පනවා ඇතතේ රුපියල් 50ක ආනයනික බද්ද පමණි.

ඒ අනුව දුඹුරු සීනි වලට වඩා ආනයනික සුදු සීනි කිලෝග්‍රෑමක මිල රුපියල් 150කින් පමණ අඩු බව වෙළෙන්දෝ සඳහන් කළහ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *