දූෂණ පනත වෙනස් කෙරෙන ගැසට්ටුව එළියට.

0
45

දූෂණ විරෝධී පනත් කෙටුම්පතට එකතු කෙරෙන සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත.

මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත්තේ අධිකරණ බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුවය.

පාර්ලිමේන්තුවේ දී පසුගියදා සම්මත කෙරුණු දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ සඳහන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව ව්‍යවස්ථාදායක මණ්ඩලය යනාදී වචන වෙනුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යනුවෙන් ඇතුළත් කෙරෙන බව නව සංශෝධනයට අදාළ එම ගැසට් නිවේදනයේ දැක්වේ.

සම්මත කෙරුණු මෙම පනතේ පවතින අඩුපාඩුව හේතුවෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන නව කොමිෂන් සභාව පිහිටුවීම අතරමග නතර විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here