නව කො#විඩ් ප්‍රභේදය අමෙරිකාව සහ චීනය වසා ගනී.

නව කො#විඩ් ප්‍රභේදය අමෙරිකාව සහ චීනය වසා ගනී.

අමෙරිකා එක්සත් ජනපදයේ සහ චීනයේ මේවන විට සංසරණය වන EG.5 කොරෝනා වෛරස් ප්‍රභේදය අවධානය යොමු කළ යුතු වෛරස් ප්‍රභේදයක් (Vaariant of interest) ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර තිබේ.

කෙසේ නමුත් එය අනෙකුත් කොවිඩ් ප්‍රභේදයන්ට වඩා වැඩි තර්ජනයක් මහජන සෞඛ්‍යයට එල්ල නොකරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

එසේ වුවත් සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත EG.5 කොරෝනා වෛරස් ප්‍රභේදය මේවන විට අමෙරිකා එක්සත් ජනපදයේ නව කොරෝනා රැල්ලක් ඇති කර ඇති අතර එරට කොරෝනා ආසාදිතයන්ගෙන් 17%ක්ම EG.5 ආසාදිතයන් බව වාර්තා වේ.

ඊට අමතරව චීනය, දකුණු කොරියාව, ජපානය සහ කැනඩාව ඇතුළු රටවල් රැසකින් දැන් EG.5 කොරෝනා ආසාදිතයන් වාර්තා වේ.

EG.5 කොරෝනා ප්‍රභේදයේ අවදානම පිළිබඳව ඇගයීමක් සිදුකළ ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ එය දැනට පවතින ඔමික්‍රොන් අනුප්‍රභේදයන්ට වඩා අතිරේක තර්ජනයක් එල්ල නොකරන බවය.

කොවිඩ් -19 ගෝලීය වසංගතයෙන් ලොව පුරා 69 ලක්ෂයක් ජනතාව ජීවිතක්ෂයට පත් වූ අතර ආසාදිතයන් මිලියන 768ක් වාර්තා වුණි.

2020 වසරේ මාර්තු මාසයේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොරෝනා වෛරසය ගෝලීය වසංගතයක් ලෙස නම් කළ අතර එම අවදානම ඉවත් කෙරුණේ මේ වසරේ මැයි මාසයේදි ය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *