නැගෙනහිර ආසියාවටම තෙල් දෙන්න ලංකාව තෝරා ගනියි

ශ්‍රී ලංකාව කේන්ද්‍ර කර ගනිමින් නැගෙනහිර ආසියාවේ සිය ඛනිජ තෙල් වෙළෙදාම ආරම්භ කිරීමට කටයුතු කරන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය එම දැනුම් දීම කර ඇත්තේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සමඟ පැවැති සාකච්ඡාවකදීය.

එක්සත් ආරාබී එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාල්ඩ් නසීර් අයිආමරි මහතා ජනාධිපති කාර්යාලයේ දී සාගල රත්නායක මහතා මුණ ගැසී ශ්‍රී ලංකාවේ කරන ආයෝජන කිහිපයක් ගැන දැනුම් දී තිබේ.

එහිදී මූලික වශයෙන් නැගෙනහිර ආසියාවේ ඔවුන්ගේ ඉන්ධන අපනයන කටයුතු ලංකාව කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කරන බව දන්වා ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්ධන මෙරටට ගෙන්වා ගබඩා කොට ඒවා නැගෙනහිර ආසියානු කලාපයේ රටවල අලෙවි කිරීමට නියමියතය.

ඊට අමතරව පූනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් හා සංචාරක ව්‍යාපාරය හා හෝටල් කර්මාන්තය ගැනද තානාපතිවරයා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානීයා සමඟ සාකච්ඡා කොට තිබේ. එසේම කෘෂිකර්මන්තයට නවීන තාක්ෂණය හදුන්වාදීමේ ව්‍යාපෘතියක් ගැන මෙන්ම ශ්‍රී ලංකාවට එන එමීරේට්ස් ගුවන් ගමන් වාර ගණන වැඩි කිරීමට ද එකඟතාවය පළ කර ඇත.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *