නුවර පෙරහර බලන අයට පොලිසියෙන් අවවාදයක්.

නුවර පෙරහර බලන අයට පොලිසියෙන් අවවාදයක්.

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නැරඹීම සඳහා මාර්ග දෙපස එක්රොක්ව සිටින ජනතාවට දැඩි ඝෝෂාකාරී අයුරින් විවිධ නළා හැඬවීම සහ අධික විද්‍යුත් ධාරා සහිත එළිදැල්වීම නොකරන ලෙසට පොලිසිය ඉල්ලීමක් කරයි. මෙම අධික ශබ්දයෙන් යුත් නළාවක් හැඬවීමෙන් හා එහි කොටසක් හොඬයේ සංවේදී ස්ථානයක ගැටීමෙන් කලබලයට පත් වූ අලියකු පසුගියදා කලබලකාරීව හැසිරීම හේතුවෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වීම හේතුවෙන් පොලිසිය මෙම ඉල්ලීම කරයි.

පෙරහැර මාර්ගයෙන් බැහැරව නගරයේ අවැසි තැනක මෙම විවිධ ශබ්දයෙන් යුත් නළා වර්ග හැඬවීම හා විද්‍යුත් ආලෝක ධාරා සහිත කෙළිබඩු භාවිත කිරීමට තහනමක් නොමැති බවද පොලිසිය පවසයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *