නොදන්වා සේවය හැර යන වෛද්‍යවරුන් ගැන දැඩි තීරණයක්.

නොදන්වා සේවය අතහැර යන වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල සම්බන්ධයෙන් ඉදිරියේ දී දැඩි තීරණයක් ගැනීමට සිදුවන බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජි.විජේසූරිය මහතා අවධාරණය කරයි.

ඇඹිලිපිටිය මූලික රෝහලේ නිර්වින්දන වෛද්‍යවරිය පසුගිය සිකුරාදා දිනයේ සිට සේවයට වාර්තා නොකිරිම හේතුවෙන් මේ වන විට එම රෝහල තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇති බවට ඊයේ (05) දිනයේ තොරතුරු අනාවරණය විය.

මේ සම්බන්ධයෙන් අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය ජි. විජේසුරිය මහතා මෙම අදහස් පළ කර තිබේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *