පනත් 02ක් අද සිට බලාත්මක වෙයි.

නව දුෂණ විරෝධී පනතේ විධි විධාන අද (15) සිට ක්‍රියාත්මකවීමට නියමිතව තිබේ.

ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් පසුගිය 09 වනදා නිකුත් කර තිබුණි.

ඒ අනුව පනතට අදාළ වු විධි විධාන අද සිට බලාත්මක වන බව සඳහන් ය.

දුෂණ විරෝධී පනත් කෙටුම්පත පසුගිය ජුලි මස 19 වනදා සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත විය.

එමෙන්ම අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ හා ආරක්ෂා කිරීමේ පනතේ විධිවිධාන ද අද සිට ක්‍රියාත්මක වන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *