ප්‍රබල ඇමරිකානු හමුදාව ඉරානයෙන් පලිය ගනී

ඊශ්‍රායල හමුදා සහ හමාස් ත්‍රස්තවාදීන් අතර ආරම්භ වුණු යුද්ධයේදී, සිවිල් ජනතාව දිගින් දිගටම මිය යාම ලෝකය පුරාම අවධානයට යොමු වුණු බරපතල කාරණයක් බව්ට පත් වුනා. මේ නිසාම කටාර් රාජ්‍යය ඇතුළු මැදපෙරදිග රටවල් කිහිපයකම සහභාගීත්වයෙන් සටන් විරාමයක් සදහා වන යෝජනාව ගෙන ඒමට කටයුතු කලා. නමුත් ගාසා තීරයේ සිවිල් ජනතාව නියෝජනය කරන, ඔවුන් වෙනුවෙන් මෙම යුද්ධය සිදු කරනවා යැයි පවසන හමාස් ත්‍රස්තවාදී කල්ලිය මේ වන තුරුත් සටන් විරාමය සදහා තමන්ගේ එකගත්වය පල කර නැහැ. ඒ අනුව ඔවුන්ට තව දුරටත් මෙම යුද්ධය පවත්වාගෙන යාමේ හෝ යුද්ධය සම්පූර්ණයෙන්ම නවත්වා දැමීමේ අවශ්‍යතාවයක් පවතින බව ඊශ්‍රායල මාධ්‍ය සදහන් කර තිබෙනවා. හමාස් ත්‍රස්තවාදීන්ගේ මතය බවට පත් වී තිබෙන්නේ සටන් විරාමයක් ආරම්භ කර ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට නම් ඊශ්‍රායල හමුදා සම්පූර්ණයෙන්ම ගාසා තීරයෙන් ඉවත් වී යා යුතු බවටයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *