ප්‍රසූතියේ දී දරුවා බිම වැටී මිය ගියේ ගර්භාෂයේ සිට වේගයෙන් ආ නිසා – අනුරාධපුර රෝහල් ප්‍රධානී

ප්‍රසූතියේ දී දරුවා බිම වැටී මිය ගියේ ගර්භාෂයේ සිට වේගයෙන් ආ නිසා – අනුරාධපුර රෝහල් ප්‍රධානී

අනුරාධපුර රෝහලේ සිදුකරන ලද දරු ප්‍රසූතියකදී දරුවෙකු බිමට වැටී මිය යාම සම්බන්ධයෙන් එම රෝහල් ප්‍රතිචාර දක්වයි.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය තුළට දුලාන් සමරවීර මහතා සඳහන් කරන්නේ එම දරු ප්‍රසූතිය සිදු ව ඇත්තේ ගැබිණි මාතාව ප‍්‍රසූතිය සඳහා ඇඳෙන් ට්‍රොලියට දමන අවස්ථාවේදීම බවයි.

එහිදී අධික පීඩනයකින් දරු ගැබේ සිට දරුවා එළියට විසි වී ඇති බවත් ඒ සමගම ලිස්සා ගොස් බිම වැටී ඇති බවත් ඔහු සඳහන් කළේය.

දරුවා හා මව අතර පෙකනි වැලද අඩියක් පමණ කොටසක් කැඩී ගොස් තිබූ බවත් පැවසූ ඔහු මෙම සිදුවීම අවාසනාවන්ත සිදුවීමක් බවත් එය නොසැලකිල්ල නිසා සිදුව ඇතැයි තමන්ට පැවසිය නොහැකි බවත් කියා සිටියේය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *