Fri. Oct 18th, 2024

විදුහල් ප්‍රධානීන්ට හෝ පාසල්වලට මාසයකට රුපියල් පන්දහසක විනෝදාස්වාද දීමනාවක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ සිදු විය යුතු වෙනස්කම් සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට පත් කරන ලද කමිටුව නිර්දේශ කර තිබේ.

එමෙන්ම තීරුබදු සහන මත වාහනයක් ආනයනය කිරීම සඳහා කලින් පැවති සහනය විදුහල්පතිවරුන්ට යළි ලබා දිය යුතු බවටත් කමිටුව නිර්දේශ කර ඇත.

තව ද විදුහල්පතිවරුන්ගේ රාජකාරි අවශ්‍යතා මත කෙරෙන ගමන් වියදම් සම්පූර්ණයෙන්ම ද අධ්‍යාපනික හා පුහුණු වැඩසටහන් සඳහා වැය වන මුදලින් සියයට පනහක් වන සේද නැවත පියවීමට පහසුකම් සැලසිය යුතු බවටත් නිර්දේශ කරන කමිටුව පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ දී විදුහල්පතිවරුන්ගේ දරුවන්ට ප්‍රමුඛතාව ලබා දිය යුතු බවටත් නිර්දේශ කර තිබේ.

මීට අමතරව විදුහල්පති සේවයේ බඳවා ගැනීම් හා වැටුප් තල සම්බන්ධයෙන් ද කමිටුව සිය නිර්දේශ ඉදිරිපත් කර ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක මහාචාර්ය ගුණපාල නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් පත් කර තිබූ එම කමිටුවට හිටපු ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන එම් .ඒ. ධර්මදාස හා පද්මා සිරිවර්ධන, අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ගණකාධිකාරී එස්. ඩබ්ලිව්. ගමගේ, හිටපු විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ඇතුළත් වූහ.

කමිටුව ඉහත නිර්දේශ සකස් කර ඇත්තේ විදුහල්පති වෘත්තීය සංගම් සමග සාකච්ඡා කිරීමෙන් පසුවය.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *