ප්ලාස්ටික් මල්මාලා, හැඳි, ගෑරුප්පු, බීම බට හා ඉඳිආප්ප තට්ටු තව සති දෙකකින් තහනම්. අලුත්ම වැඩේ මෙන්න.

ප්ලාස්ටික් මල්මාලා, හැඳි, ගෑරුප්පු, බීම බට හා ඉඳිආප්ප තට්ටු තව සති දෙකකින් තහනම්. අලුත්ම වැඩේ මෙන්න.

ප්ලාස්ටික් අයිතම කිහිපයක් භාවිතය තහනම් කිරීමට ඉදිරි සති දෙක තුළදී පියවර ගන්නා බව පරිසර අමාත්‍යාංශය පවසයි. ප්ලාස්ටික් මල්මාලා, එක් වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් හැඳි, ගෑරුප්පු, යෝගට් හැඳි, ප්ලාස්ටික් බීම බට, ප්ලාස්ටික් ඉඳිආප්ප තට්ටු වැනි අයිතම කිහිපයක් මෙලෙස භාවිතය තහනම් කෙරේ.

‘ස්ථාවර රටකට – සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පසුගියදා පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී පරිසර ඇමැති නසීර් අහමඩ් මහතා මේ බව සඳහන් කළේය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *