පාරේ ඉන්න එපා යටකරලා දානවා – පොලීසියට පාට් දාන බස් චන්ඩි.

පාරේ ඉන්න එපා යටකරලා දානවා – පොලීසියට පාට් දාන බස් චන්ඩි.

වැලිකඩ පොලීසියේ රථවාහන රාජකාරියේ නිරතව සිටි නිලධාරීන්ට මරණ තර්ජනය කළ පුද්ගලයෙකු වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාර්ග අංක 176 නුගේගොඩ හෙට්ටියාවත්ත බස්රථ හිමිකරුවෙක් බව පොලිසිය පවසයි.

තමාගේ බස් රථයට දඩකොලයක් ලබාදීම නිසා උරණ වූ මෙම පුද්ගලයා මෙලෙස මරණ තර්ජනය සිදු කර තිබෙන බව පොලිසිය වැඩිදුරටත් පවසනවා අත්අඩංගුවට ගත් සැකකරු අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එම සිද්ධිය වූ අවස්ථාවේ වීඩියෝ පටයක් ද මේ වනවිට සමාජ මාධ්‍ය හුවමාරු වෙමින් පවතිනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකළ වැලිකඩ පොලීසිය විසින් සැකකාර බස් රථ රියදුරා මහරගම නීලම්මහර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

වීඩියෝ උපුටා ගැනීම අද දෙරණ නිවුස්.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *