Fri. Sep 20th, 2024

ගූගල් සිතියමේ මගපෙන්වීම අනුව ගමන් කරමින් සිටි තම සැමියා පාලමකින් ඇදවැටි මිය ගිය බවට චෝදනා කරමින් අමෙරිකාවේ උතුරු කැරොලිනා ප්‍රාන්තයේ කාන්තාවක් ගූගල් සමාගමට එරෙහිව නඩු පවරා තිබේ.

ඇය චෝදනා කර ඇත්තේ සිය සැමියා ගමන් කරමින් සිටි මාර්ගයේ තිබූ අවදානම් ස්ථානයක් සම්බන්ධයෙන් ගූගල් සිතියම යාවත්කාලීන කර නොතිබීම හේතුවෙන් ඇයගේ සැමියාට ජීවිතය අහිමි වු බවටය.

පිලිප් පැක්ස්සන් මෙලෙස මියගොස් තිබුණේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී ඔහුගේ මිතුරෙකුගේ නිවසට ගොස් නැවත එමින් සිටිය දීය.

පිලිප් ගේ බිරිඳ පවසා ඇත්තේ සිය සැමියා පැමිණි මාර්ගය ඔහුට එතරම් හුරු පුරුදු නොමැති බැවින් ඔහු ගූගල් සිතියමේ මග පෙන්වීම අනුව සිය රථය ධාවනය කර ඇති බවය.

ඔහු එම මාර්ගයේ ගමන් කරමින් සිටි අවස්ථාවේ එම ප්‍රදේශයට අධික වර්ෂාවක් ඇදහැලුනු බවත් ඇඳිරි වැටි තිබු බැවින් මාර්ගය පැහැදිලිව නොපෙනී ඇති බවත් සඳහන් වෙයි.

ගූගල් සිතියමේ මගපෙන්වීම අනුව ඔහු පාලමකින් ගමන් කර ඇති නමුත් එය කඩා වැටි තිබු බැවින් පිලිප් පැක්ස්සන් රථය සමඟ ඇළකට ඇදවැටි දියේ ගිලී මිය ගොස් තිබුණි.

මෙම පාලම කඩා වැටී ඇත්තේ වසර 09යට පෙර බව සිදුකළ පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

ඒ අනුව පිලිප් ගේ බිරිඳ ගූගල් සමාගමට චෝදනා කරමින් නඩු පවරා ඇත්තේ, සිය සැමියා මිය යාමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ගූගල් සිතිමේ මේ බව යාවත්කාලීන කර නොතිබූ නිසා බව පවසමිනි.

කෙසේවෙතත් මෙම චෝදනා සම්බන්ධයෙන් ගූගල් සමාගම පවසා ඇත්තේ අදාළ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කරන බවය.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *