පාසල් යද්දී ක්ලාන්ත වී වැටුනු සිසුවා අවසන් ගමනේ.

කොබවක ගෝවින්න ප්‍රදේශයේ පාසල් සිසුවකු අද (09) උදෑසන පාසලට යද්දී නිවස අසල මාර්ගයේ ඇද වැටීමෙන් හොරණ රෝහලට ගෙන යාමෙන් පසු මියගොස් ඇතැයි බුලත්සිංහල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ බුලත්සිංහල පොලිස් වසමෙි ඡනපද පාර, කොබවක, ගොවින්න ලිපිනයේ පදිංචි 12 හැවිරිදි සිසුවෙකි.

නිවසේ සිට එම සිසුවාට පාසැල් යාමට බස් රථයක් ලබා ගැනීමට කිලෝමීටරයක පමණ දුරක් ගමන් කළ යුතුව ඇති අතර අද උදෑසන එම දරුවාගේ පියා නිවසේ නොසිටීම හේතුවෙන් පාසැල් යාමට නිවසේ සිට පාගමනින් ගොස් ඇති අතර මාර්ගයේ මිටර් 500 ක් පමණ ගමන් කරන විටදි කලන්තයක් සෑදි මාර්ගයේ ඇද වැටීමෙන් පසු කඩිනමින් හොරණ දිස්ත්‍රික් රෝහල වෙත ඇතුලත් කර තිබේ. 

පසුව⁣ ප්‍රතිකාර ලබමින් සිටි මෙම දරුවා මියගොස් ඇති බවට හොරණ රෝහල් පොලිසිය මගින් බුලත්සිංහල පොලිසිය වෙත දැනුම් දී තිබේ.

බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දන විදානගේ ගේ උපදෙස් මත වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ගුණසේකර ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳ පරීක්ෂණ සිදුකරන අතර දරුවා මියයෑමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද හොරණ දිස්ත්‍රික් රෝහලේදී සිදු කිරීමට නියමිතව ඇත .

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *