පාසලේ ශිෂ්‍ය නායක පදවිය ගන්න සිසුවියක් – සිසුවියන් 06 දෙනෙකුට ව#ස පොවයි

පාසලේ ශිෂ්‍ය නායක පදවිය ගන්න සිසුවියක් – සිසුවියන් 06 දෙනෙකුට ව#ස පොවයි

නාරම්මල ප්‍රදේශයේ ප්‍රාථමික විදුහලක දහවන වසරේ ඉගෙනුම ලබන සිසුවියක වල් නාශක කුඩු වර්ගයක් පානීය ජලයට කළවම් කර බීමට දීමෙන් රෝගාතුරවූ සිසුවියන් හය දෙනකු ප්‍රතිකාර සඳහා නාරම්මල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර සිටින බව නාරම්මල පොලීසිය පවසයි.

ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර සිටින සිසුවියන් අතරේ වල් නාශකය ජලයට මිශ්‍ර කළ බව කියන සිසුවියද සිටින බව පැවසේ.

පාසල් කාලයේදී මෙය සිදුව ඇත. සැකකාර සිසුවිය සඳුදා උදෑසන රැස්වීමට සහභාගි නොවී පන්ති කාමරයේ රැඳී සිට වල් නාශකය සිසුවියන් කීප දෙනෙකුගේ පානීය ජල බෝතලවලට මිශ්‍ර කර ඇති බව අනාවරණය කරගෙන තිබේ.

පාසලේ සවිකර ඇති සීසීටීවී කැමරා දර්ශන පරීක්ෂා කිරීමෙන් අනතුරුව සිද්ධියට සම්බන්ධ සිසුවිය හඳුනාගෙන තිබේ.

මෙම සිද්ධියට සම්බන්ධ බවට සැක කරන සිසුවියද එම පාසලේ දහවන වසරේ ඉගෙනුම ලබන අතර ඇය තම සමීපතම මිතුරියන් පිරිසකගේ පානීය ජල බෝතලයකට වල් නාශකය මිශ්‍ර කර ඇති බව අනාවරණය වී තිබේ. වල් නාශක සහිත ජලය පානය කිරීමෙන් පසුව වමනය ඇතිවී රෝගාතුරවූ සිසුවියන් පිරිස දැක බියපත්ව ඇයද එම ජලය පානය කර ඇති බව කියයි.

එම විදුහලේ ශිෂ්‍ය නායක පදවිය සඳහා ඇතිවී තිබෙන තරඟයක් මෙම සිදුවීමට පාදකවී ඇති බව විදුහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ජලයට මිශ්‍ර කළ වල් නාශකය එතරම් ප්‍රබල නොවීම හේතුවෙන් සිසුවියන්ගේ ජීවිත වලට අනතුරක් වී නැති බව පොලීසිය පවසයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *