පාසැල් දරුවන්ටත් හෘදයාබාධ ඇතිවීමේ අවධානක්. – හේතුව අනාවරණය වෙයි

පාසැල් දරුවන්ටත් හෘදයාබාධ ඇතිවීමේ අවධානක්. – හේතුව අනාවරණය වෙයි

දුම්පානය, ආහාර රටාව, ව්‍යායාම අඩුකම හා ආතතිය හෘද රෝග සඳහා ප්‍රධාන වශයෙන් බලපාන බව කළුතර මහ රෝහලේ හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය භාතිය රණසිංහ පවසනවා.

දැනට පාසැල් වයසේ පසුවන දරුවන් පවා ආතතිය හේතුවෙන් අඩු වයසින් හෘදයාබාධවලට ලක්වීමේ අවදානමක් පවතින බවයි විශේෂඥ වෛද්‍ය භාතිය රණසිංහ සඳහන් කළේ.

ශාරීරික සෞඛ්‍ය සහ මානසික සෞඛ්‍ය පිළිබඳ වැඩි අවධානයක් යොමුකර කටයුතු කිරීමෙන් අඩු වයසින් හෘදයාබාධ තත්ත්වයන්ට මුහුණදීමේ අවධානම මගහරවා ගත හැකි බවයි කළුතර මහ රෝහලේ හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය භාතිය රණසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *