පැය 04ක විදුලි කප්පාදුවක් කරන්න යයි – දිස්ත්‍රික් 05ට රතු එළි.

පැය 04ක විදුලි කප්පාදුවක් කරන්න යයි – දිස්ත්‍රික් 05ට රතු එළි.

සමනලවැව ජලාශයෙන් ගොවිතැන් සඳහා ජලය මුදා හැරීමට ආරම්භ කළහොත් එදින පටන් දිස්ත්‍රික්ක පහක (05) පැය හතරක පමණ විදුලි කප්පාදුවක් ආරම්භ කිරීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කර සිටිනවා.

මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ, ගොවිතැනට ජලය නිකුත් කිරීමට හැකි වන්නේ ද දින හතරකට පහකට පමණක් බවයි.

එසේ කලහොත් ගාල්ල, මාතර, හම්බන්තොට, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා මෙසේ පැය 4 ක විදුලි කප්පාදුවක් කිරීමට සිදුවනු ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඒ අනුව, විදුලි කප්පාදුවකින් තොරව නිකුත් කළ හැකි උපරිමය ජල ප්‍රමාණය නිකුත් කරමින් ඉදිරියට යාමට තීන්දුවක් ගෙන ඇති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.

ඒ මහතා මේ බව කියා සිටියේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවක් අමතමින්.

කෙසේ වෙතත්, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරන්නේ, පැයක දෙකක විදුලි කප්පාදුව දරාගනිමින් ගොවිතැන සඳහා අවශ්‍ය ජලය නිකුත් කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍යම කාරණාවක් බවයි.

එසේ නොකළහොත් ඉදිරියේදී රට තුල ආහාර හිගයක් ඇති වනු ඇති බවයි අමරවීර මහතා කියා සිටියේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *