පිළිකා හැදෙනවා,දවසට රෝගීන් 100ක් එනවා – මේවා කන්න එපා – වෛද්‍යවරු කියයි.

ක්ෂණික ආහාර, විවිධ බීම වර්ග වැනි දෑ ලබාගැනීම හේතුවෙන් පිළිකා රෝගී තත්ත්වය වර්ධනය වන බවත් දිනකට නව පිළිකා රෝගීන් 100කට ආසන්න ප්‍රමාණයක් සොයාගැනෙන බවද ජාතික පිළිකා වැඩසටහන සදහන් කරයි.

පසුගිය 2020 වසර දක්වා සිදුකළ සමීක්ෂණවලට අනුව එක් දිනකට පිළිකා රෝගීන් 100කට ආසන්න ප්‍රමාණයක් සොයාගන්නා බවත් වසරකට පිළිකා රෝගීන් 35,000ත් 40,000ත් අතර ප්‍රමාණයක් වාර්තා වන බවද ජාතික පිළිකා වැඩසටහන සදහන් කරයි.

මුඛ ආශ්‍රිත පිළිකා, ශ්වාසනාල සහ පෙනහළු ආශ්‍රිත පිළිකා, බඩවැල් සහ ගුද මාර්ගය ආශ්‍රිත පිළිකා, පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිතව ඇති වන පිළිකා පිරිමි පුද්ගලයන් අතර බහුලව ඇති වන බවත් පියයුරු පිළිකා කාන්තාවන් අතර වැඩිවශයෙන් දක්නට ලැබෙන බවද එම වැඩසටහන සදහන් කරයි.

තවද තෛරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා, බඩවැල් සහ ගුද මාර්ගය ආශ්‍රිත පිළිකා, ගර්භාෂය ආශ්‍රිත පිළිකා සහ ඩිම්බකෝෂ ආශ්‍රිත පිළිකා කාන්තාවන් අතර දක්නට ලැබෙන බවත් විවිධ ආලේපන වර්ග භාවිතයෙන් සමෙහි ඇති වන රෝගී තත්ත්වයන් කාන්තාවන් අතර බහුලව පිළිකාව ඇතිවීමට හේතුවක් වී ඇති බවද එම වැඩසටහන සදහන් කරයි.

පිරිමි පුද්ගලයන්ට සාපේක්ෂව කාන්තාවන් පිළිකා රෝගයට ගොදුරු වීමේ සම්භාවිතාවක් පවතින බවත් අවුරුදු 19ට අඩු දරුවන් අතරත් පිළිකාව ව්‍යාප්ත වන බවක් දක්නට ලැබෙන බවත් වසරකට ළමුන් 750ත් 800ක් වැනි පිරිසක් පිළිකා රෝගීන් බවට ගොදුරු වන බවද වෛද්‍යවරුන් සදහන් කරයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *