පොලිස්පති ගැන ජනපතිටවත්, මටවත් කරන්න දෙයක් නෑ.. ආයෙත් උසාවියටම යන්න..- කතානායක තීන්දුව දෙයි..

පොලිස්පති ගැන ජනපතිටවත්, මටවත් කරන්න දෙයක් නෑ.. ආයෙත් උසාවියටම යන්න..- කතානායක තීන්දුව දෙයි..

ව්‍යවස්ථා දායක සභාවෙන් පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නම අනුමත කිරීමේදී කිසිදු වැරදි ක්‍රියාවලියක් සිදුව නැති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

එසේ පත්කරන ලද පුද්ගලයෙකු එම ධුරයෙන් ඉවත් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් නියමිත ක්‍රියා පටිපාටියක් ඇතැයිද හෙතෙම කියා සිටියි.

එම ක්‍රියාවලියෙන් තොරව ව්‍යවස්ථා සභාවෙන් විධායකයින් නිර්දේශ මත පත්කරන ලද පුද්ගලයෙකු ඉවත් කිරීමට කිසිදු හැකියාවක් නැති බවත් හෙතෙම පෙන්වා දෙයි.

එමෙන්ම ජනාධිපතිවරයාද මැතිවරණ තත්ත්වය තුළ පොලිස්පතිවරයාගේ පත්කිරීම සම්බන්ධයෙන් කිසිවක් සිදුකළ නොහැකි තත්ත්වයට පත්ව ඇති බවත් තමන්ද පෙර ස්ථාවරයේම සිටින බවද හෙතෙම කියා සිටියේය.

ඒ අනුව පොලිස්පතිවරයකු පත්කිරීම සම්බන්ධයෙන් ඕනෑම පුද්ගලයකුට අධිකරණයට ගොස් කරුණු විමසීමක් යළි සිදු කළ හැකි බවද හෙතෙම කියා සිටියේය.

දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පොලිස්පති ධූරය අත්හිටුවමින් වැඩ බලන පොලිස්පතිරයකු පත් කරගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් නියෝගය පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කථානායකවරයා මෙම මේ බව පැවසීය.

ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *