බදුල්ලේ ඇඩ්‍රස් වෙනස් වෙයි.

0
65

බදුල්ල දිස්ත්‍රික්කයේ මෙතෙක් නම්කර නොමැති සියලු මාර්ග නම්කිරීමට සහ නිවාස සඳහා අංක සහිතව ලිපිනයන් ලබාදීමේ වැඩිපිළිවෙළක් ආරම්භ කර තිබේ.

බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් සුදර්ශන දෙනිපිටිය ප්‍රකාශ කළේ මෙම වැඩපිළිවෙළ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා පළාත් පාලන ආයතන විසින් ක්‍රියාත්මක කරන බවය.

නිසි ලිපිනයක් නොමැතිවීම හේතුවෙන් සම්මුඛ පරික්ෂණ, පත්වීම් ලිපි යනාදී ලිපිලේඛන නොලැබීම නිසා අපහසුතාවකට පත්වූ බොහෝදෙනා තමා වෙත පැමිණිලි කර ඇති බව සභාපතිවරයා සඳහන් කළේය.

“එකම නමින් කීපදෙනෙක් සිටීම, නිවාස අංකයක් නොතිබීම මෙන්ම ලිපිනයන් ඇති අය පවා නිවැරැදි ලෙස සම්පූර්ණ ලිපිනය සටහන් නොකිරීම නිසා ලිපි හා පාර්සල් ඔවුන් වෙත ලබාදීමේ බරපතළ ගැටලුක් ඇතිවී තිබෙනවා. ලියුම් බෙදන්නන් බොහෝ වෙහෙස වී ඒවායේ අයිතිකරුවන් සොයා ගන්නා නමුත් එසේ සොයාගත නොහැකිවූ අවස්ථාවන්හි ඒවා නැවත තැපැල් කාර්යාලවලටම රැගෙන යනවා” යැයි බදුල්ල ප්‍රාදේශීය තැපැල් අධිකාරී ඒ.ජී. සමන් මහින්ද පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here