බර අඩු දරුවන් වෙනුවෙන් සුබ ආරංචියක්..

බර අඩු දරුවන් වෙනුවෙන් සුබ ආරංචියක්..

වසරකට අධික කාලයකට පසු මාස හයේ සිට අවුරුදු තුන දක්වා දරුවන්ට ත්‍රිපෝෂ නිකුත් කිරීමට ලබන මස සිට නැවතත් ආරම්භ කිරීමට හැකියාවක් ඇති බවට අනාවරණය වේ.

මාස හයේ සිට අවුරුදු තුන දක්වා දරුවන්ට වසරකට අධික කාලයක සිට ත්‍රිපෝෂ නිෂ්පාදනය නතර කිරීමට සිදුව ඇත්තේ ඒවායේ අඩංගු විය යුතු නියමිත ඇෆ්ලටොක්සිකෝසිස් ප්‍රමාණය සම්බන්ධ ගැටලුවක් නිසා බව ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න පැවැසීය.

ආහාර පනත සහ ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා බඩඉරිඟුවල තිබිය යුතු නියමිත ඇෆ්ලටොක්සිකෝසිස් ප්‍රමාණය අතර පවතින පරස්පරතාව සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට මෙතෙක් නොහැකි වූ බවද සභාපතිවරයා සඳහන් කළේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තවත් නිලධාරීන් කිහිප දෙනකුගේ කඹ ඇදිල්ලක් හේතුවෙන් මෙම ගැටලුව විසඳා ගැනීමට නොහැකිව දිග් ගැස්සී ඇති බවද පැවසේ.

වසරකට අධික කාලයක් කුඩා දරුවන්ට ත්‍රිපෝෂ නිකුත් කිරීමට නොහැකි වූයේ කිසිදු හිඟයක් නිසා නොව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙම කඹ ඇදිල්ල නිසා බවද සභාපතිවරයා පවසයි.

එහෙත් මේ සම්බන්ධයෙන් දිගු කාලයක සිට පැවතුණු සාකච්ඡා මේ වන විට සාර්ථක මට්ටමේ පවතින බවත් එහි අවසන් තීරණය මෙම මස අවසානයේ දී ලැබෙනු ඇති බවත් සභාපතිවරයා අවධාරණය කරයි.

ඒ අනුව මාස හයේ සිට අවුරුදු තුන දක්වා දරුවන්ට මසකට අවශ්‍ය ත්‍රිපෝෂ පැකට් තුන් ලක්ෂ පනස්දහස ලබන මස සිට බොහෝ දුරට ලබා දීම සඳහා නිෂ්පාදන කටයුතු ආරම්භ කළ හැකි බවද හෙතෙම කීවේය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *