බස් එකේ කාන්තා හිංසන කරන්නන් අල්ලන්න ගැජට් එකක්.

කාන්තාවන්ට සහ ගැහැනු ළමුන්ට බස් රථවල සිදුවන හිංසන මෙන් ම වෙනත් වංචාකාරී ක්‍රියාවන් වළක්වා ගැනීමේ අරමුණින් බස් රථ සඳහා නව තාක්ෂණික මෙවලමක් ස්ථාපනය කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

ඒ අනුව බස් රථ තුළ ස්ථාපනය කරන වෝකිටෝකි මාදිලියේ උපකරණයක් හරහා අදාළ අවස්ථාවේ දී ම එම අතවරය සම්බන්ධයෙන් දැනුවත් කළ හැකි බව ඔහු සඳහන් කළේය.

එලෙස දැනුම් දෙන විද්‍යුත් පැමිණිල්ල එම අවස්ථාවේ ම බස් රථයේ හිමිකරු, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට සහ ළඟම ඇති පොලිස් ස්ථානයට වාර්තා කෙරෙන බවයි ඔහු පවසන්නේ.

මේ අතර අදාළ මෙවලම GPS තාක්ෂණය හරහා සම්බන්ධ කර ඇති බැවින්, නීතිය ක්‍රියාත්මක කරන අංශවලට අදාළ බස් රථය ලුහු බැඳ හිංසන කරන තැනැත්තා අත් අඩංගුවට ගැනීමේ හැකියාව තිබෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *