Sat. Jul 27th, 2024

බිත්තර නිෂ්පාදකයන් මේ වන විටත් බිත්තරයකින් රුපියල් 20ක ලාභයක් ලබාගෙන සිටිනවා යැයි බිත්තර වෙළෙන්දන්ගේ සංගමයේ සභාපති අනුර මාරසිංහ මහතා ඊයේ (31දා) පැවසීය.

බිත්තරයක් නිපදවීමට මේ වනවිට වැය වන්නේ රුපියල් 20ක පමණ මුදලක් බවත් රුපියල් 10ක ලාභයක් තබාගෙනත් රුපියල් 30කට බිත්තරයක් ගොවිපළෙන් ලබාදිය හැකි බවත් ඒ මහතා කීය.

ඒ අනුව සියලු වියදම් දරා රුපියල් 35ට අඩුවෙන් බිත්තරයක් වෙළෙඳපොළට නිකුත් කළ හැකි බවත් කී ඒ මහතා ගොවිපළෙන් බිත්තර තොග අලෙවි කරන්නේ ලක්‍ෂ ගණනින් බවත් කීය.

වෙළෙඳ ඇමැතිවරයා බිත්තර මාෆියාව මැඬපැවැත්වීම සඳහා ඉන්දියාවෙන් බිත්තර ගෙන්වා වෙළෙඳපොළට නිකුත් නොකළානම් මේ වනවිටත් බිත්තරයක මිල රුපියල් 60-65 ඉක්මවා යෑමට තිබූ බවත් ඒ මහතා කීය

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *