බියර් බීලා ඉස්කෝලේ ගිය පාසල් දැරියට පුරුදු කරලා තියෙන්නේ සීයා බව හෙළි වෙයි.

බියර් බීලා ඉස්කෝලේ ගිය පාසල් දැරියට පුරුදු කරලා තියෙන්නේ සීයා බව හෙළි වෙයි.

වාර්තා වෙන්නේ අනුරාධපුරයෙන්.

වයස අවුරුදු 14ක දැරියක් අද උදෑසන මත්පැන් පානය කර පාසල් පැමිණ ඇති බවට වාර්තා වෙනවා.

රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිසියේ නිලධාරින් දෙදෙනකු සිසුවිය පිළිබඳව සැක සිතී මෙම සිසුවිය සිය භාරයට ගෙන ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඇය බියර් පානය කර පාසලට පැමිණ ඇති බවයි.

මේ පිලිබඳව සැක සිතී ඒ ගැන වැඩිදුරටත් ප්‍රශ්න කරන පොලීසියට පසුව දැනගන්න්නට හැකි වී ඇත්තේ දැරියගේ මවගේ දෙවැනි විවාහයේ සැමියාගේ පියා විසින් මෙසේ ඇයට මත්ද්‍රව්‍ය භාවිතය පුරුදු කර ඇති බවයි.

කෙසේ වෙතත් දැරිය බියර් පානය කර පාසලට පැමිණීමට හේතුව සහ ඇයට බියර් පානය කිරීමට පුරුදු කළේ කවුරුන්ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා පොලිසිය විසින් වෙනම විමර්ශනයක් ආරම්භ කර ඇති බවටයි වාර්තා වෙන්නේ.

මෙම දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර මෙම සිදුවීමට අදාළ විමර්ශන සඳහා ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරියා දැරියගේ පාසලේ විදුහල්පතිවරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද ඔහු දුරකතනය විසන්ධි කර තිබෙනවා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *