බොර තෙල් මිල අඩුවෙයි.

බොර තෙල් මිල අඩුවෙයි.

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් සැපයුම ඉහළ යාමත් සමග මිල අඩු වෙතැයි අපේක්ෂා කෙරේ.

මේ වනවිට ඔපෙක් රටවල් බොර තෙල් සැපයුම පාලනය කර ඇති නමුත් ඉරාකය බොර තෙල් අපනයනය නැවත ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බැවින් බොර තෙල් සැපයුම යථා තත්ත්වයට පත්වෙතැයි පැවසෙයි.

චීන ඉල්ලුම අඩුවීමද බොර තෙල් මිල අඩුවීමට හේතුවී තිබෙන බව සඳහන් ය.

බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 84.38ක් ලෙසත් වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් බැරලයක මිල ඩොලර් 80.65ක් ලෙසත් සඳහන් විය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *