මත්පැන් ලෝලීන්ට තරු විසි වෙන ආරංචියක්. ජනවාරි 01 වෙනිදා වෙන්න යන දේ මෙන්න.

මත්පැන් බෝතලයක මිල රුපියල් 90ත් 150ත් අතර මුදලකින් වැඩි වන බව මත්පැන් නිෂ්පාදන සමාගම් පවසනවා.

ඒ, 2024 ජනවාරි පළමුවැනිදා සිට එකතු කළ අගය මත බද්ද නොහොත් වැට් බද්ද 18%කින් වැඩිවීම හේතුවෙන්.

මත්පැන් නිෂ්පාදන සමාගම් පවසන පරිදි රුපියල් 3260ක් විකුණුම් මිලක් සහිත අතිවිශේෂ වර්ගයේ (ගල්) අරක්කු බෝතලයක මිල රුපියල් අනූවකින් ඉහළ යා හැකි අතර එය නව මිල රුපියල් 3350ක් වනු ඇති.

සුරාබදු ආදායම් ඉහළ නංවා ගැනීමේ අරමුණින් මේ වසර තුළ අවස්ථා දෙකක දී මත්පැන්වල මිල ඉහළ දමා තිබීම ද විශේෂත්වයක්.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *