මහනුවර ජාතික රෝහලේ හෘද කැතීටකරණ ඒකකයක් අක්‍රීය වෙයි.

මහනුවර ජාතික රෝහලේ හෘද කැතීටකරණ ඒකකයක් අක්‍රියවී ඇතැයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

එහි සමකැඳවුම්කරු චානක ධර්මවික්‍රම පැවසුවේ මෙලෙස රෝහලේ හෘද කැතීටකරණ ඒකකයක් අක්‍රියවී ඇත්තේ රෝගීන් 8000ක් ප්‍රතිකාර සඳහා පොරොත්තු ලේඛනයේ සිටින අතරතුර බවයි.

මහනුවර ජාතික රෝහලේ හෘද කැතීටකරණ ඒකක 2ක් පවතිනු ඇත.

මෙලෙස එක් ඒකකයක් අක්‍රියවීම හේතුවෙන් රෝගීන් දැඩි පීඩාවට පත්ව සිටි.

ඊට අමතරව දිවයිනපුරා රෝහල් රැසක රෝග නිර්ණය සඳහා අවශ්‍ය යන්ත්‍ර විශාල සංඛ්‍යාවක් අක්‍රියවී ඇති බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සමකැඳවුම්කරු චානක ධර්මවික්‍රම පැවසීය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *