අමාත්‍යාංශයේ බලපෑම් හේතුවෙන් අතළුවගේ සභාපති ධුරයෙන් ඉවතට!

අමාත්‍යාංශයේ බලපෑම් හේතුවෙන් අතළුවගේ සභාපති ධුරයෙන් ඉවතට!

මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අනිසි බලපෑම් හේතුවෙන්, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති සී.පී. අතළුවගේ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයා වෙත යොමුකර ඇති අතර, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට ද මෙම තීරණය දැනුවත් කළ බව අතළුවගේ මහතා පවසයි.

අතළුවගේ මහතා අමතරයෙන් තවත් පවසන්නේ, රාජ්‍ය සේවකයන්ට බලපෑම් සිදුකරනු ලබන නිලධාරියෙකු යටතේ සේවය කිරීමට ඇති අකමැත්ත මත ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි තම ධුරයෙන් ඉවත් වීමට තීරණය කළ බවයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *