මාර්තු මාසයේ ගෑස් මිල මෙන්න.

මාසයක් ආරභයේදීම මේ කියන්න යන කාරණා ටික ගොඩක් සුපිරුදු කාරණා ටිකක්. ඒ නිසා හැම කෙනෙක්ම වගේ මේ ගැන ගොඩක් උනන්දුයි. කොහොම වුණත්, මෙම මාසයේ දී ලිට්‍රෝ ගෑස් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොවන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කරනවා.

ඒ අනුව පවතින මිල ගණන් එලෙසින්ම මෙම මාසයේදීත් ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ. මිල සූත්‍රයට අනුව සෑම මසකම මුල් සතියෙහි ලිට්‍රෝ මිල ගණන්වල සංශෝදනයක් සිදු වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව දැනට පවතින මිල ගණන් මෙන්න,

12.5 kg – රුපියල් 4,250.00
5 kg – රුපියල් 1,707.00
2.3 kg – රුපියල් 795.00

මේ අතර මාර්තු මාසයේ දී ගෑස් මිල වැඩි නොකරන බව ලාෆ් ගෑස් සමාගම (LAUGFS) පවසනවා. ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල තවදුරටත් රුපියල් 4,740ක් ලෙස පවතින අතර, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් අලෙවි වන්නේ රුපියල් 1,900 ක් ලෙසයි. කෙසේ වෙතත්, ලිට්‍රෝ සමාගමද මෙම මාසයට අදාළව ගෑස් මිලෙහි වෙනසක් සිදු කළේ නැහැ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *