මාස 09 සිට වයස අවුරුදු 15 දක්වා සරම්ප එන්නත්කරණ වැඩසටහනක්.

මාස 09 සිට වයස අවුරුදු 15 දක්වා මෙතෙක් සරම්ප එන්නත ලබා නොගෙන සිටින දරුවන්ට එම එන්නත අනිද්දා සහ ඊට පසු දින ලබාදීමට වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එස්.එම් ආර්නෝල්ඩ් පවසනවා.ඔහු මේ බව සඳහන් කළේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (17) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.මාස 06ත් 09ත් අතර, දරුවන්ට ලබාදෙන සරම්ප අතිරේක එන්නතද එම දින දෙක තුළ දී ලබාගත හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *