මිනිසුන්ට ආසාදනය විය හැකි නව වෛරසයක්.

මිනිසුන්ට ආසාදනය විය හැකි නව වෛරසයක් තායිලන්තයේ වවුලන් අතරින් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

තායිලන්ත ගොවීන් තම කුඹුරුවලට පොහොර පිණිස වවුල් අසූචි ලබා ගන්නා ගුහාවකින් මෙම නව වෛරසය සොයාගෙන ඇති බවයි එම වාර්තා සදහන් කළේ.

වූහාන්හී කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කළ විශේෂඥ කණ්ඩායමක් විසින් අදාළ වෛරසය සොයාගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැවති රැස්වීමක දී නිව්යෝක්හි රාජ්‍ය නොවන සෞඛ්‍ය සංවිධානයක ප්‍රධානියෙකු වන වෛද්‍ය පීටර් ඩසාක් පවසා තිබේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *