Sat. Jul 27th, 2024

මෙරට ඖෂධ සැපයුම් කරුවන් අතුරින් තත්ත්වයෙන් අසමත් වැඩිම ඖෂධ ප්‍රමාණයක් පසුගිය වකවානුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත සපයා ඇත්තේ විපක්ෂ මන්ත්‍රීවරයෙකුගේ බෑණාට අයත් සමාගමකින් බව මේ වනවිට අනාවරණය වෙමින් පවතී.

ඒ අනුව පසුගිය වකවානුවේ සැපයුම් කරන ලද ඖෂධවලින් 10% -24% ප්‍රමාණයක් තත්වයෙන් අසමත් බව තහවුරු වී ඇත.

මෙම සමාගම පසුගිය වකවානුවේ සපයන ලද ඖෂධවලින් සැලකිය යුතු ප්‍රමාණයක් තත්ත්වයෙන් අසමත් ඖෂධය.

2015-2022 වකවානුවේ සෞඛ්‍ය අමාත්‍යංශයට ඔවුන් විසින් සපයන ලද ඖෂධ පිළිබඳ සොයා බැලීමේදී මේ බව තහවුරු වේ.

වර්ෂය – සැපයුම් -තත්ත්ව -අසමත්වීම

2015 70 7 – 10.0%
2016 69 8 11.5%
2017 96 6 6.20%
2018 86 13 15.1%
2019 99 14 14.1%
2020 80 19 23.7%
2021 120 23 19.1%
2022 86 10 11.6%

මෙම දැවැන්ත බලවේගය අසමත් වූ ඖෂධ සැපයුම් සමාගමද යන්න බරපතළ ගැටලුවක් වී පවතින අතර තවත් පැත්තකින් සිය ඥාති සමාගමේ ඖෂධ වෙනුවෙන් අනිසි බලපෑමක් සෞඛ්‍ය බලධාරීන්ට කිරීමේ ඩීල් ව්‍යාපෘතියක ඔහු නියැළෙන්නේද බරපතළ පිළිබඳව සැකයක් මතුවේ.

උපුටා ගැනීම – නෙත් නිව්ස්

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *