Sat. Jun 14th, 2025

යළි මෙරටට වාහන ආනයනය කළ හැකි වන්නේ කවදාද යන්න සම්බන්ධයෙන් මේ මොහොතේ නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. ඉදිරියේදී හෝ මෙරටට වාහන ආනයනය කිරීමට අවශ්‍ය නම් මේ මොහොතේ ඒ සඳහා ප්‍රතිපත්ති සැලසුමක් සැකසිය යුතු බවයි කළ විමසීකදී එම සංගමයේ සභාපති සම්පත් මෙරෙන්චි පැවසුවේ.

වාහන ආනයනයේදී විශාල විදෙස් මුදල් ප්‍රමාණයක් රටින් පිටතට ගලා ගියේ රටට නොගැලපෙන වාහන ආනයනය කිරීම හේතුවෙන් බවයි ඔහු පෙන්වා දුන්නේ. එම වරද ඉදිරියේදී නිවැරදි කර ගැනීමට බලධාරීන් වගබලා ගත යුතු බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

By Aloka