මෙරට තරුණයාගේ ආරාධනයෙන් එංගලන්තය සිට ආ තරුණිය පැන්නද ? වැටුණ ද ? බරපතල අභිරහසක්.

මුහුණු පොත හරහා  හඳුනාගත් බව කියන මෙරට තරුණයකුගේ ආරාධනයක අනුව පැමිණ ගල්කිස්ස අල්විස් පෙදෙස ‘‘බ්ලූඕෂන්‘‘ නිවාස සංකීර්ණයේ නැවති සිටි එංගලන්ත පුරවැසි තරුණියක එහි 13 වන මහලෙන් බිමට වැටී මියගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.

සිනනයියා අලගේෂ්වරන් රොමීනා නමැති තරුණියකි.

මෙම තරුණිය හෙට දින නැවත එංගන්තය බලා යෑමට නියමිතය තිබූ බව ද පොලිසිය පවසයි.

මෙම සිද්ධිය අද අලුයම2.00 ට පමණ සිදුව තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මියගිය කත සමග මුහුණු පොත හරහා සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය තරුණයා පොලිස් බාරයට ගෙන ඇති අතර ඔහු නීති ශිෂ්‍යයකු බවට තොරතුරු ලැබී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

ගලකිස්ස වැඩබලන මහේස්ත්‍රාත් රත්නා ගමගේ මහත්මිය මහේත්‍රාත් පරීක්ෂණ පැවැත් වූවාය. ගල්කිස්ස පොලිසිය වැඩි දුර පරීක්ෂණ සිදුකරයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *