මෙහෙණින් වහන්සේ නමක් වෙන්න යන ඩයනා ගමගේ.

සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ඉන්දීය චිත්‍රපටියක මෙහෙණින් වහන්සේ නමක ලෙස රඟපෑමට තෝරාගෙන තිබේ.

රාජ්‍ය අමාත්‍යවරිය ද එම චරිතය රඟපෑමට කැමැත්ත පළකර ඇති අතර, ඇය ඒ සඳහා ඊයේ (21) හිස මුඩු කරන බව ආරංචි මාර්ග සඳහන් කළේය.

ඩයනා ගමගේ මෙසේ තෝරාගෙන ඇත්තේ ඉන්දියාවේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු විසින් ශ්‍රී ලංකා ඉන්දියා මිත්‍ර සම්බන්ධතා උදෙසා නිර්මාණය කරනු ලබන බෞද්ධ තේමාවක් රැගත් සම්භාව්‍ය සිනමා කෘතියක ප්‍රධාන චරිතයක් වන මෙහෙණින් වහන්සේ නමකගේ චරිතයකට පන පෙවීමටය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *