මෙහෙමත් මිනිස්සු මේ ලෝකේ ඉන්නවද..? තම බිරිඳ තව කෙනෙකුට බාරදී කරපු දෙයක්.

මෙහෙමත් මිනිස්සු මේ ලෝකේ ඉන්නවද..? තම බිරිඳ තව කෙනෙකුට බාරදී කරපු දෙයක්.

තම විවාහක ස්වාමි පුරුෂයා ඔහුගේ මිතුරෙකු වූ 23 හැවිරිදි තරුණයෙකු සමඟ රාත්‍රියේ මත්පැන් පානය කර අනතුරුව එම තරුණයා සමඟ තමන්ට සිය නිදන කාමරයේ අඹු සැමියන් ලෙස හැසිරෙන ලෙස බලකර පහරදී එම දර්ශනය ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කර සතුටු වූ ස්වාමියාට හා තරුණයාට විරුද්ධව විවාහක කාන්තාව බෙන්තොට පොලිසියට කළ පැමිණිල්ල අනුව සැකකාර ස්වාමියා හා තරුණයා බෙන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බෙන්තොට නගරයේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යමින් ඒ තුළම දිවි ගෙවන පනස් හැවිරිදි පුද්ගලයකු හා හතළිස් දෙහැවිරිදි විවාහක දෙදරු මවක් වන අඹු සැමි යුවල ගේ නවාතැනට එම ප්‍රදේශයේම පුද්ගලික සංචාරක විලා ආයතනයක සේවය කරන 23 හැවිරිදි තරුණයකු තම නීත්‍යානුකූල ස්වාමියා විසින් දින රාත්‍රියේ කැඳවා දෙදෙනා එක්ව මත්පැන් පානය කර අනතුරුව එම තරුණයා සමඟ අඹුසැමියන් ලෙස හැසිරෙන්නැයි බලකර බියවැද්දීම හේතුවෙන් තමාගේ අකමැත්තෙන් එසේ හැසිරීම ජංගම දුරකථනයෙන් සිය සැමියා විසින් වීඩියෝ ගත කර බවත් පසුව තම ස්වාමියා මධ්‍යම රාත්‍රියේ ජංගම දුරකථනයෙන් ගත් එම දර්ශන නරඹා සතුටු වෙන අවස්ථාවේ දුරකථනය උදුරා පොළොවේ ගසා උදෑසන එළිය වැටුණු පසු බෙන්තොට පොලිසියට පැමිණි මෙසේ පැමිණිලි කර ඇතැයිද පොලීසිය පවසනවා.

මෙම යුවළට වැඩිහිටි දරුවන් දෙදෙනෙකුද සිටින අතර ඔවුන් කොළඹ ප්‍රදේශයේ නැවතී අධ්‍යාපනය ලබන බවත් තම ස්වාමියා සමඟ තම ව්‍යාපාරික ස්ථානයේ දිවි ගෙවන බවත් මෙයට පෙර අවස්ථාවක ද තම ස්වාමියා කතරගම වන්දනාවෙ ගිය අවස්ථාවකදී ද මෙලෙස වෙනත් අයකු සමග අඹුසැමියන් ලෙස හැසිරෙන්න බල ළකර බවත් එය එදින මගහැරුණු බවත් එම කාන්තාව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වන බව පරීක්ෂණ සිදුකරන බෙන්තොට පොලීසිය කියයි.

එම සිද්ධියෙන් පසු පැමිණිලිකාර කාන්තාව රෝහල් ගතකර ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගෙන බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *