යළිත් වාහන ආනයනයට සැරසෙයි. වැඩේ වෙන්නේ මෙහෙමයි.

මෙරට වෙළෙඳපොළ සඳහා මෝටර් රථ ආනයනය කිරීමට නැවතත් සූදානම් වන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ඒ අනුව එන්ජින් ධාරිතාව 1000CC ට අඩුවෙන් පවතින මෝටර් රථ ආනයනය කිරීමට සැරසෙයි.

මෙලෙස එන්ජින් ධාරිතාව අවම මෝටර් රථ පමණක් ආනයනය කිරීමට පියවර ගනු ලබන්නේ විදේශ සංචිත ස්ථාවරව පවත්වාගෙන යෑමට බව එම සංගමය පෙන්වා දී තිබේ.

එමෙන්ම මෙලෙස නැවතත් මෝටර් රථ ආනයනය කිරීම ආදායම් බදු ඉහළ නංවා ගැනීමේ එක් අරමුණක් බව එම සංගමය වැඩිදුරටත් පවසයි.

එමෙන්ම මෝටර් රථ ආනයනය සඳහා අවශ්‍ය ඉදිරි කටයුතු මාසයක් වැනි කෙටි කාලසීමාවක් තුළ සිදුකිරීමට නියමිත බවද වාර්තා වෙයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *